What Are You Looking For?

Your Cart 0

Subtotal: Rs. 0.00

Exclusive Volume Discounts

  • Buy 2 — Save Rs. 250
  • Buy 3 — Save Rs. 500 Most Popular
  • Buy 4+ — Save Rs. 750+

Your Wishlist 0

ඔබේ ශරීරයත් වාහනයක් වගේ
Healthy Foods Admin May 04. 2026

ඔබේ ශරීරයත් වාහනයක් වගේ

ඔබේ ශරීරයත් වාහනයක් වගේ –

ඔයාගේ වාහනේ නම් service කරනවා, oil check කරනවා, දුම් පරීක්ෂා කරනවා, එකී නොකී හැමදේම කරනවා නේද? හැබැයි ඔයාව check කරගත්තේ නෑ නේද කාලෙකින්? හරියට වාහනේක එන්ජින් එකේ තෙල් මට්ටම බලලා, ලොකු අලුත්වැඩියාවක් එන්න කලින් නවත්ත ගන්නවා වගේ, අපේ ඇගත් හරියට මැෂින් එකක් වගේ තමයි. මේ මැෂින් එකත් හරියට වැඩද කියලා මාස 6 කින්, අඩුම අවුරුද්දකට වතාවක් හරි බලා ගන්න එක වටිනවා.

🧪මොනවාද කරගත යුතු මූලික පරීක්ෂණ?

ඔබේ ශරීර සෞඛ්‍ය ගැන සරල අදහසක් ලබා ගැනීමට මෙන්න මේ වගේ සරල test ටිකක් කරන්න පුලුවන්.

  • Complete Blood Count (CBC)
  • Fasting Blood Sugar Test (FBS)
  • Lipid Profile (කොලෙස්ටරෝල් මට්ටම)
  • Liver Function Test (LFT)
  • Urine Full Report (UFR)
  • Blood Pressure Checkup (රුධිර පීඩනය)

පරීක්ෂණ කරගැනීමේ වාසි

මෙවැනි පරීක්ෂණ නියමිත කාලයට කරගැනීමෙන් ඔබට වාසි රැසක් ලැබේ.

  • ඔබේ සෞඛ්‍ය සුරක්ෂිත බව තහවුරු කරගන්න පුලුවන්.
  • සමාජයේ බහුලව පවතින බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය) ඔබටත් තියෙනවද කියා දැනගන්න පුලුවන්.
  • මුලදීම රෝගය හඳුනාගතහොත් එය පාලනය කිරීමට පහසුයි.
  • නිරෝගීව ආයුකාලය දිගු කරගැනීමට දායක වේ.

⚠️නිතර පරීක්ෂා කරගත යුතු අවදානම් සාධක

සාමාන්‍යයෙන්, වයස අවුරුදු 20න් පසු, අවුරුදු 5කට සැරයක්වත් මේ ටෙස්ට් කරගන්න එක හොඳයි. හැබැයි, ඔබට පහත අවදානම් තත්ත්වයන් එකක් හෝ තියෙනවා නම්, වෛද්‍ය උපදෙස් මත නිතර නිතර මේවා පරීක්ෂා කිරීමට සිද්ධ වෙයි.

  • ඔබ වයස 45ට වැඩි පිරිමි කෙනෙක් නම්.
  • ඔබ වයස 50ට වැඩි කාන්තාවක් නම්.
  • ඔබට අධික ස්ථුලතාවය (Obesity) පවතී නම්.
  • නිදන්ගත රෝග දැනටමත් ඔබට තියෙනවා නම්.
  • පවුලේ (අම්මා, තාත්තා) කිහිප දෙනෙකුටම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය පවතී නම්.
  • ඔබේ ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න නොමැති බව ඔබ දන්නවා නම්.
  • ක්‍රියාශීලී නොවන (sedentary) ජීවන රටාවක් නම් ඔබට තියෙන්නේ.
  • රැකියාව, පවුල් ප්‍රශ්න ආදී ගැටලු නිසා මානසිකව නිදහසක් ඔබට නොමැති නම්.

📋රුධිර පරීක්ෂණයට පෙර සූදානම

සමහර රුධිර පරීක්ෂණ සඳහා පරීක්ෂණයට පෙර නිරාහාරව සිටීම (කෑම හෝ බීම නොමැතිව) අවශ්‍ය විය හැකිය. සමහර ඖෂධ නතර කිරීමට හෝ සමහර ආහාර වළක්වා ගැනීමට සිදුවිය හැක. ඔබේ වෛද්‍යවරයා මේ පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇත.

නිවැරදි ප්‍රතිඵල සඳහා මෙවැනි දේවල් අනුගමනය කරන්න පුලුවන්:

  • අධික ව්‍යායාමයෙන් වළකින්න: පරීක්ෂණයට පෙර පැය 24 තුළ අධික ශාරීරික ක්‍රියාකාරකම් එන්සයිම මට්ටම් වෙනස් කළ හැකියි.
  • මත්පැන් පානයෙන් වළකින්න: පරීක්ෂණයට පැය 24 – 48 කට පෙර මත්පැන් පානයෙන් වළකින්න. එය අක්මාවේ ක්‍රියාකාරීත්වයට බලපානවා.
  • දුම්පානයෙන් වළකින්න: පරීක්ෂණයට පෙර දුම්පානය රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය වෙනස් කළ හැකියි.
  • ඔබ ගන්නා ඖෂධ පිළිබඳ දැනුම් දෙන්න: ඔබ භාවිතා කරන ඕනෑම බෙහෙතක්, විටමින් හෝ ආහාර අතිරේකයක් පිළිබඳව වෛද්‍යවරයාට හෝ රසායනාගාරයට දැනුම් දෙන්න.

ඔබේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධ බොහෝ දේ දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර වැඩසටහනේ ලිපි පෙළ සමග රැදී සිටින්න.

COMMENTS

No comments yet. Be the first to leave one!

LEAVE A REPLY

Your email address will not be published. Required fields are marked *

Home Search Wishlist Cart
Sri Lanka flag සිංහල